Saturday , October 24 2020
Home / Local News / හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවට

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 08ක් සමග ‘චූටි නංගී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි කාන්තාවක් මහියංගනය පොලීසිය විසින් ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරියගෙන් මිලදීගත් හෙරොයින් ග්‍රෑම් 3ක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයට රැගෙන යමින් සිටි තවත් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලීසිය පැවසීය.

මහියංගනය පූජා නගරය දොඩම්වත්ත, ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සිය නිවස අසල දී හෙරොයින් අලෙවි කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගැනුණි.

හෙරොයින් විකුණා ලබාගත් මුදල් බවට සැකකරන රුපියල් 208,000සක මුදලක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙම සැකකාරිය, මීට පෙර හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගරගත කිරීමෙන් පසු ඇපමත මුදාහැර සිටියදී යළිත් වරක් මෙලෙස හෙරොයින් සමග හසුවූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකාරියගේ සැමියා, පියා, මව සහ සහෝදරිය, සහෝදරියගේ සැමියා ද හෙරොයින් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.

උපුටා ගැනීම – අද දෙරණ

13 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *