Wednesday , October 21 2020
Breaking News
Home / Local News / 20 ගැන පුළුල් සමාලෝචනයකට අගමැතිගෙන් තීරණයක්

20 ගැන පුළුල් සමාලෝචනයකට අගමැතිගෙන් තීරණයක්

 

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස් ද ලබාගනිමින් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. ඒ, කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර විසි වන ව්‍යවස්ථා සංශෝධනය නැවත සමාලෝචනය කරන ලෙස සමගි ජනබලවේගය අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ විසි වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ජනතාව නොමග යවා ඇති බවයි.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළුකාරී කරුණු කිහිපයක් පිළිබදවද මෙහිදී අදහස් පළ කළා.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ විසි වන නව ව්‍යවස්ථා සංශෝධනය හරහා තිබෙන බලතල ද අඩුවී ඇති බවයි.

මේ අතර යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සදහා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. නීතිඥ සංගමයේ  ලේකම් නීතිඥ රජීව් අමරසුරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර ක‍්‍රියාමාර්ග සඳහා විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කළ යුතු අදහස් සැලකිල්ලට ගන්නා බවයි.

යුක්තිය පසිඳලීමට බලපාන නීති ප‍්‍රමාදයන් සහ වෙනත් ආශ‍්‍රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බැලිය යුතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව ද කමිටුව සාකච්ඡුා කරනු ඇති. 
 

උපුටා ගැනීම – නෙත් News

7 Views

About slmedia

Check Also

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය …