Wednesday , October 21 2020
Breaking News
Home / 2020 / September

Monthly Archives: September 2020

කටානේ කෝටි තුනක කොල්ලයක්

කටාන, අක්කරපහ ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3 කට අධික මුදලක් කොල්ල කා තිබේ. ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි. …

Read More »

ගුරු හිඟය වසර 02ක් තුළ අවසන් කිරීමට සැළසුම්

  රටපුරා පාසැල් රැසක ගුරුවරුන් 20,000 කට ආසන්න හිඟයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරනවා. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ නියමිත පරිදි ගුරුවරුන් බඳවා ගැනීම හා පුහුණුව ලැබූ පිරිසට පත්වීම් ලිපි ලබාදීම ප‍්‍රමාදවීම ඊට හේතුව බවයි.  මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්ගෙන් විමසීමක් …

Read More »

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත්  මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන …

Read More »

නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. එහිදී සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලීසිය භාරයට …

Read More »

රත්මලානේ අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ අසල දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) සවස 2.30ට පමණ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 520ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට …

Read More »

රාජිතට කොමිසමෙන් යළි සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබන 05 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස යළි සිතාසී නිකුත් කර තිබේ. නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව එම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වේ. කොළඹ දී තරුණයන් 11 …

Read More »

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය

දෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (29) දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. ඕමාන් හි සිට පැමිණි 07 දෙනෙකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මෙරට තවදුරටත්  නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 …

Read More »

මහරගමින් හෙරොයින් කිලෝ 1ක්

මහරගම ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 100ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම පොලීසියට ලද තොරතුරක් මත අපේක්ෂා රෝහල අසල සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති …

Read More »

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි -අකිල විරාජ්

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ අවස්ථාවට අධිකරණයට ඊයේ (29) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. මෙහිදී අදහස් දැක්වු …

Read More »

සජිත් සහභාගී වූ ජනහමුවට ගල් ප්‍රහාරයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ළ කර තිබේ. විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී තිබේ. එහිදී අදහස් දැක්වු විපක්ෂනායකවරයා පැවසුවේ “මදාවියන්ට බයේ මම ඉන්නේ නෑ” යනුවෙනි. තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් කිසිසෙත් තමන් …

Read More »