Monday , September 21 2020
Breaking News

Daily Archives: September 2, 2020

රාජගිරිය අනතුර – පාඨලී ගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද (02) නියෝග කළාය. 2016 වසර රාජගිරිය ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී …

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු සඳා අත්අඩංගුවට

  මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන දිනේෂා සදමාලි නොහොත් කුඩු සඳා නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තොටලග ප‍්‍රදේශයේදීයි. මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 26 ක්, බැංකු කාඞ්පත් 10 ක් සහ ජංගම දුරකතන 6 ක් ද සොයා ගැණුනා. හෙරොයින් ග‍්‍රෑම් 300 ක් සමග මීගමුව, දළුවාකොටුව ප‍්‍රදේශයේදී ද සැකකරුවෙකු අත්අඩංගුවට …

Read More »

සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය මාස්පතා ජංගම දුරකතනයට

  සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය සම්බන්ධයෙන් තොරතුරු මාස්පතා ජනතාවට සිය ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදීමේ වැඩිපිළිවෙලක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සදහන් කළේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර එම ශේෂය දැන ගැනීමට මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙල මේ වනවිට නතර වී ඇති බවයි. …

Read More »

“..කාගෙවත් සිත් බිඳින්නේ නැහැ අපි. සර් ඇවිල්ලා බලන්න සර්ට එතකොට තේරෙයි අපි කොච්චර සුන්දර මිනිස්සුන් ද කියලා..” – කොල්ලෝ දෙන්නෙක් සෙට් වෙලා, මොරටුවේ කරපු අමුතුම විදිහේ ස්පා එකක් ගැන, තොරතුරු එළියට

“සර් කැමති ඕනෑම දෙයක් කරන්න අපි සෑදී පැහැදී ඉන්නවා…” “අපි ළඟට ආවොත් ආයි සර් වෙන කොහෙවත් යන්නේ නැහැ…” “ඔයා ෆෝන් එකෙන් නම් කියයි. ආවට පස්සේ වැඩක් නැති වුණොත්?” ස්පා නොහොත් සම්භාහන මධ්‍යස්ථාන කලක් මෙරට හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්ත විය. ඒ කොළඹ, කැලණිය, ගම්පහ, මීගමුව යන ප‍්‍රධාන නගර සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවලයි. එකල ගණනයට …

Read More »

“කවුද කෝල් කරන්නේ ? කොල්ලෙක් කරදර කරනවා..” – පැරණි පෙම්වතාට දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ගෙන්වාගෙන, අලුත් පෙම්වතා සමඟ එක්වී පෙම්වතිය කළ අපරාධය – දංකොටුව ප්‍රදේශයෙන් ඇහෙන කතාවක්

සැකකරුවන් හඳුනාගන්න හඳුනා ගැනීමේ පෙරට්ටුවක්.. සැකකාර පෙම්වතිය ඇතුළු පිරිසට අධිකරණයෙන් ලැබුණු නියෝගය.. පැරණි පෙම්වතාට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ගෙන්වාගෙන නව පෙම්වතා සමග එක්ව පැරණි පෙම්වතා තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකාර පෙම්වතිය සහ සැකකරුවන් තිදෙනකු ඇතුළු සිවුදෙනා ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ …

Read More »

“ඇය සහෝදරයාටත් වඩා භයානක කෙනෙක්..” – මිසයිල-වලින් වැඩ පෙන්වූ, උතුරු කොරියානු නායකයා දිවියෙන් සමුගන්නා ලකුණු, දකුණු කොරියාව කියයි – සොහොයුරිය ගැන රහස් කරුණු රැසක් එළියට – Photos

කිම් ජොන් සියලු බලතල හදසියේම සොයුරියට පැනවූ හේතුව ? උතුරු කොරියාව මේ ගැන කෙළින් සඳහනක් කර නැහැ… මිනිස් සමාජය සුන්දර වන්නේ දෙදෙනකු එක හා සමාන නොවන බැවිනි. එනම් සුන්දරත්වය ඇති වන්නේ විවිධත්වය තුළිනි. එසේම ලෝකයේ සෑම රටක්ම එක හා සමාන වන්නේ නම් කිසිවකු පුවත් මවන්නේ නැති වනු ඇති අතර ලෝකය බොහෝ ඒකාකාරීද …

Read More »

ට්‍රැවල් ඒජන්සියේ නොදුටු පැත්ත – හොර ස්කාගාරයක් !

මීගමුව කොප්පරා හංදිය අසළ ගුවන් ටිකට්පත් අළෙවි කිරීමේ ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (01) සමත් විය.  මෙහිදි නිතීවිරෝධී මත්පැන් බෝතල් 50ක්, ඒවා නිෂ්පාදනයට ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.    උපුටා ගැනීම – අද දෙරණ …

Read More »

ජාති ආගම් භේද ඇතිවන පරිදි කටයුතු කරන දේශපාලන පක්ෂ තහනම් කළ යුතුයි -අගරදගුරු

වෙන් වූ ජාතීන් සහ ආගමිකයින් එකට එක් කර සහෝදරත්වයේ නව ශ්‍රී ලංකාවක් බිහිකළ යුතු කාලය එළඹ ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. මේ සඳහා රටේ තරුණ පරපුර පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ගණේමුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ. “විදේශික ආක්‍රමණිකයින්ගෙන් 1948 වසරෙදී ශ්‍රී ලංකාවට …

Read More »

මීගමුවෙන් හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ දළුවාකොටුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි දළුවාකොටුව ප්‍රදේශයේ පදිංදිකරුවෙකි. එම සැකකරු අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර …

Read More »

ජාතියේ අනාගතය සහ හෙට උපදින දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටිනවා -මෛත්‍රීපාල සිරිසේන

රටේ ස්වාධීනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම පෙනී සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එසේම,  ජාතියේ අනාගතය වෙනුවෙන් ද හෙට උපදින දරුවන් වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම පෙනී සිටින බව ඔහු පැවසීය. එම පක්ෂයේ 69වන …

Read More »