Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 5, 2020

අගමැති කතරගම පුදබිමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමට ගොස් ආශිර්වාද ලබාගෙන තිබේ. ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. අනතුරුව කිරිවෙහෙර රජමහ විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්න හිමි බැහැදැක සුවදුක් විමසා තිබේ. කතරගම දේවල පුදබිමට ද පැමිණි …

Read More »

වේයන්ගොඩ දී ගණිකා නිවාසයක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04) දහවල් 2.30ට පමණ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ …

Read More »

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

  නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබෙනවා. ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක …

Read More »

නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් 18 දෙනෙකු සුවය ලබයි

  නව්‍ය කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, නව්‍ය කොරෝනා ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,907 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.  තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 192 ක්. මේ වනවිට දිවයිනෙන් …

Read More »

සමගි ජනබලවේගයේ සුලු ජාතික බලය පෙන්වයි – රංජිත් මද්දුමබණ්ඩාර පසුපසට දමා මනෝ ගනේෂන් හා දිගම්බරම් පාර්ලිමේන්තු ඉදිරි පෙළට පැමිණේ

  සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.  නව පාර්ලිමේන්තුවේ අසුන් පැනවූ අවස්ථාවේදී එම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට ඉදිරිපෙළ අසුන් හිමිව තිබුණා. එලෙස ආසන …

Read More »

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

  දිවයින පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සවස් කාලයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ති‍්‍රක්කවලත් සවස 02 ක් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි …

Read More »