Monday , September 21 2020
Breaking News

Daily Archives: September 9, 2020

තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන නොදුන් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පිළිගනී

  තමන් ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබා නොදි, සංහිඳියාවට ප‍්‍රමුඛත්වය ලබාදීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් පිළිගත්තා. ඒ පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඔහු ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වනවිට …

Read More »

කහ සමග වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ට එරෙහිව නීතිය තදින්

  කහවලට වෙනත් ද්‍රව්‍ය මිශ‍්‍ර කර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පාරිභෝග සේවා අධිකාරිය පවසනවා.  එවැනි ක‍්‍රියා වැළැක්වීම සදහා කහ සාම්පල පරීක්ෂාවන් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි එහි සභාපති අසේල බණ්ඩාර පැවසුවේ. අද උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එම් එෆ් බැලූ‍ම්ගල අන්තිම සටන වැඩසටහන එක්වෙමන් …

Read More »

ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් පිරිසක් නැවට ඇතුළු වෙයි

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි. මේ අතර, ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා …

Read More »

අන්තර්ජාලයෙන් කළ වංචාවක්

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මුදල් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය මඟින් මාතර තලගහ ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා …

Read More »

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 285ක් අවතැන්

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් 285 ක් අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. ඒ අනුව ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන කළේය. ජල ගැලීම් තත්ත්වයන් හේතුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් …

Read More »

ප‍්‍රදේශ රැසකට තද වැසි – ගතවූ පැය 20 දී වැඩිම වර්ෂාපතනය කොළඹට

  ප‍්‍රදේශ රැසකට ඊයේ (08) රාතී‍්‍රයේ සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යටවී තිබෙනවා. අද (09) අලූයම 04.30 න් අවසන් වූ ගතවූ පැය 20 තුළදී කොළඹ දිස්ති‍්‍රක්කයට මිලිමීටර් 121 ක තද  වර්ෂාපතනයක් ඇදහැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගාල්ල දිස්ති‍්‍රක්කයේ කහදූව ප‍්‍රදේශයට මිලිමීටර් 112 ක …

Read More »

නිව් ඩයමන්ඞ් නෞකාව ගැන අලුත්ම තත්ත්වය නාවික හමුදාව පැහැදිළි කරයි

  නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළින් මේවනවිට ගින්නක් හෝ දුමාරයක් නිරීක්ෂණය නොවන බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව අද (09) අලූයම 01.00 ට පමණ නෞකාව ගැඹුරු මුහුදු සීමාව වෙත ඇදගෙන යාමේ කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කළා. මේ වනවිට නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 37 ක් …

Read More »

කුඩු සැකකාරිය සිවිලිම කඩාගෙන කළුතර බන්ධනාගාරයෙන් පනී

හෙරොයින් අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා තබා සිටි කාන්තාවක් සිර ගෙදර සිවිලිම කඩා වහලයට නැග තාප්පයෙන් පැන ඊයේ (8 දා) සවස 4.30 ට පමණ පළා ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි.  පසුගිය 1 වැනිදා තී‍්‍රවිල් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 7 ක් තිස්සේ ප‍්‍රශ්න කිරීමෙන් …

Read More »