Saturday , January 16 2021
Breaking News
Home / 2020 / September / 10 (page 2)

Daily Archives: September 10, 2020

රාජ්‍ය ආයතනවල මහජන දිනය වෙනස් වේ

රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත. ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය …

Read More »

රිෂාඩ්ගේ සොහොයුරාට එරෙහි විමර්ශන විධිමත් කරන්නැයි CIDයට නියෝගයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම් …

Read More »

දික්වැල්ලෙන් සොයා ගත් ගිනි අවි

දික්වැල්ල, බෝදරක්ද ප්‍රදේශයේ දී අවි ආයුධ තොඟයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලදාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ පිස්තෝල අවියක්, ගල්කටස් වර්ගයේ පිස්තෝල අවියක්, බෝර …

Read More »

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “දෙමටගොඩ චමින්දගේ“ සමීපතමයෙක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 174 ක් …

Read More »

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උපුටා ගැනීම – අද දෙරණ 15 Views Share on: WhatsApp

Read More »

නැව හිමි සමාගමට ශ්‍රී ලංකාවෙන් දැනුම්දීමක්

ගිනි ගැනිමට ලක් වූ “MT New Diamond“නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ. එම අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ දැනුම්දීම සිදුකරන බවය. ගිනි ගැනිමට ලක් …

Read More »

විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙක්ට කොරෝනා

විදෙස්ගතව සිට පැමිණි නිරෝධායනය වෙමින් සිටි දෙදෙනක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඉන්දියාවේ සිට පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අයෙක් එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3142 දෙනෙකු දක්වා ඉහළ ගොස් …

Read More »

අටලුගම දී අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර 15 හැවිරිදි දැරියක්

බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ජාවාරම්කරුවන් ප්‍රහාරයක් එල්ල විය. එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබීය. “ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බණ්ඩාරගම, අටළුගම, මාරව, ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් සිදුකරන බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යන්නේ, අද …

Read More »

ආනවිළුන්දාව අනවසරයෙන් එළි කිරීමට මුල් වූ පුද්ගලයා ?

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ  ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි. ආරච්චිකට්ටටුව ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව …

Read More »