Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 11, 2020

අටළුුගම නිවාස දෙකකින් බෝම්බ සෑදිමට ගන්නා නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සොයාගනී

බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.  ප්ලාස්ටික්  බූලි තුනක මෙමනයිට්‍රික් ඇසිඩ්  අඩංගු කර තිබූ බව  පොලිසිය කියයි. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී  සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  සිදුකරන සෝදිසි මෙහෙයුමක දී  නිවෙස් …

Read More »

මහින්දානන්දට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ, සාක්ෂි විභාගය සිදුකෙරුණු අතර එහිදී අදාළ වෘත්තීය සමිතියේ ලේකම් මාරිමුත්තු ක්‍රිෂ්ණමූර්ති මහතා සාක්ෂි ලබා …

Read More »

නෙදර්ලන්ත තානාපතිනිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවුනා. මහ මැතිවරණයේ ලද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් එක් කළ නෙදර්ලන්ත තානාපතිනිය කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව රජයට සිය ප්‍රශංසාව පළ කළා. අනතුරට පත් MT – …

Read More »

බූස්සේ වර්ජනයේ නරත විශේෂ ගණයේ රැඳවියන් අතරින් දෙදෙනෙක් ඉවත් වෙයි

  බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ විශේෂ ගණයේ රැඳවියන් පිරිසක්. වෙලේසුදා, පොඩි ලැසී, කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් 37 දෙනෙකු මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ඊයේ (10) උදෑසන සිටයි. කෙසේවෙතත් පොට්ට නවුෆර්, ආමි සම්පත්, කැවුමා ඇතුළු 8 දෙනෙකු …

Read More »

සති දෙකකට වරක් නව ඖෂධයක් නිපදවීමට ආණ්ඩුවෙන් ඉලක්කයක්

  මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85 ක් ආනයනය කිරිම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 130 ක් වැය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. අවශ්‍ය ඖෂධ දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් ඉතිරි කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් …

Read More »

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය. ඊයේ (10) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය. …

Read More »

වැලිහිඳ කළු හෙරොයින් සමග කොටුවෙයි

සංවිධානාත්මක අපරාධකල්ලි නායක, දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු“ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ. උපුටා ගැනීම – …

Read More »

හෝදලා – වේලලා පිටකොටුවේ විකුණන මාස්ක් ?

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින්, නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ. ඊයේ (10) දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත. කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර …

Read More »

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ. මහින්ද අමරවීර මහින්දානන්ද අලුත්ගමගේ  රෝහිත අබේගුණවර්ධන සුසිල් ප්‍රේම්ජයන්ත් දිලුම් අමුණුගම ඉන්දික අනුරුද්ධ ආචාර්ය සරත් විරසේකර ඩී.වී. චානක …

Read More »

රාජිත පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ කැදවීමකට අනුව අද (11) පෙරවරු 09.30 ට පමණ රාජිත සේනාරත්න මහතා පොලිස් ඒකකය වෙත පැමිණි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසුවේය. මේ අතර ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහාම විශේෂයෙන් …

Read More »