Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 15, 2020

උපාධිධාරී රැකියා වැඩසටහන – අභියාචනා සඳහා දී ඇති කාලය අදින් අවසන්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වේ. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව …

Read More »

නිවසක සිදුකළ වැටලීමකදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

  ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලග්ගල, ලේල්ඔය ප්‍රදේශයේදී අද අලුයම සිදුකළ වැටලීමකදී. ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු නිවසක් තුල මුදලට සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් …

Read More »

කොරෝනා පිළිබඳ ලංකාවේ අලුත්ම තත්ත්වය මෙන්න

  මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,262 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, විදෙස්ගතව සිට දිවයිනට පැමිණි තවත් පුද්ගලයින් 28 දෙනෙකු ඊයේ (14) නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි. මේ වනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නව්‍ය කොරෝනා වෛරසය …

Read More »

‍රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයිනට හා ඉන්දියාවට ගුවන් ගමන් ඇරඹේ

  මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිතකුත් කරමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සඳහන් කළේ ඊට අදාලව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.  රත්මලාන ගුවන්තොටුපල තුල ජාත්‍යාන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ …

Read More »

ජනපති ගෝඨාභයගෙන් නව ජාතික විදුලි සැලැස්මක්

  වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යයාලයේ පැවති සාකච්ඡාවේදීයි. මෙරට විදුලි …

Read More »

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති එයි

  සිමෙන්ති සමාගමට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වනස්පතීන්  කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබදව සොයා බැලීම සම්බන්ධයෙන් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වුවා. අදාල වන සංහාරය නිරික්ෂණය කිරීමට ප්‍රථම වනාතවිල්ලුව …

Read More »

රහස් ජන්දයෙන් රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වේ

  එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා. පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදුවුවා. රහස් ජන්දයේදී රුවන් විජේවර්ධනට ජන්ද 28ක් සහ රවී කරුණානායකට ජන්ද 10ක් හිමිව තිබෙනවා. උපුටා ගැනීම – නෙත් …

Read More »

වජිර නායකත්වයට යන මග සකසමින්

  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට ඉදිරිපත් නොවුණ ද පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග තමන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන  කියා සිටියේ. මේ අතර, ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල …

Read More »

ගිනිගත් නෞකාව රඳවා ගැනීමේ වාසි අවාසි ගැන සාකච්ඡා

  ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ගෙන ආ ඉන්ධන සාම්පල අද (15) දිනයේ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියා සිටියේ “මීට පෙර අප සාම්පල ලබා ගත්තේ නෞකාව ආශ්‍රිත මුහුදේ ඇති ජලයෙන්. දැන් අප අදාළ …

Read More »

ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයි

  ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඊශ්‍රායලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂීකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින යවනු ලැබු ලාංකීකයන් ගෙන් …

Read More »