Monday , September 21 2020
Breaking News

Daily Archives: September 17, 2020

පොඩි ලැසී අධිකරණයට ගෙන එයි

බූස්ස බන්ධනාගාරයේ දී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු වේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ලකිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස සංවිධානාත්මක අපරාධකරු ජනිත් මධුසංඛ හෙවත් “පොඩිලැසී“ නම් කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (17) නියෝග කර තිබේ.         ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් …

Read More »

කොරෝනාවෙන් බේරෙන්න මඩ නාන්න දෙහි කන්න කියූ ඉන්දීය මන්ත්‍රීටත් වෛරසය ආසාදනය වෙයි (VIDEO)

  නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමට මඩ නෑම සහ දෙහි ආහාරයට ගැනීම යෝග්‍ය බවට ප්‍රචාරය කළ ඉන්දීය මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය් වී තිබෙන බවට තහවුරු වී ඇත. උතුරු රාජස්ථානය නියෝජනය කරනු ලබන සුක්බීර් සිං ජානුප්‍රියා නම් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 24 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති …

Read More »

බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 174 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකරයි

  බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) දිනයේදී පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා. ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණ නවක රැදවියන් පළමුව නිරෝධායන කටයුතු සදහා බුස්ස බන්ධනාගාරයට රැගෙන එනු  ලබන අතර …

Read More »

බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ – බන්දුල ගුණවර්ධන

බඩු මිල අඩු කිරීමට බොරු  ප්‍රාතිහාර විසඳුම් නොමැති බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බව ඔහු පැවසීය. අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. …

Read More »

හරීන් පාස්කු කොමිසමේ දී ආවේගශීලිව හැසිරෙයි – සභාපති විනිසුරුගෙන් දැඩි අවවාද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (16) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ කාදිනල් හිමියන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටියේ ද යන්න …

Read More »

අටලුගම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 4ක් අත්අඩංගුවට

බණ්ඩාරගම, අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය. පසුගිය 9 වැනිදා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අටලුගම, මරාව ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහරදී තිබුණි. පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට …

Read More »

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතෝලික සභාව දැන සිටින්න ඇති – හරීන් ප්‍රනාන්දු

  පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත්ව සිටින්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප‍්‍රකාශ කළා.  ඒ, ඔහු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඊයේ පැමිණි අවස්ථාවේදීයි.  මේ, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු.  Neth Fm · HARIN 01 …

Read More »

මත්ද්‍රව්‍ය සාදයක් වටලා 20ක් අත්අඩංගුවට

කැස්බෑව සුරාබදු ඒකකය පිළියන්දල දම්පේ ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සාදයක් වටලා පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 05 දෙනෙකු ද සිටින බව සුරාබදු ඒකකය පැවසීය. මෙහිදී සැකකරුවන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 15 ට අධික ප්‍රමණයක් සොයා ගැනුණි. මේ අතර කේරළ ගංජා ළඟ තබාගෙන සිටි චීවරධාරියකු නෙළුව …

Read More »

සමගි ජන බලවේගයේ මාතලේ මනාප නැවත ගණින්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට තීරණය කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ වැදී තේරී පත් නොවූ අපේක්ෂකයෙකු වන හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුකෙරුණි. ඉන් …

Read More »

2021 අයවැය ඔක්තෝබර්

2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙල කිරීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අයවැය පිළියෙල පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛතාවය ලබා …

Read More »