Saturday , October 24 2020

Daily Archives: September 18, 2020

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි – විමල්

කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. “නමුත් ආරක්ෂාකර ගන්නේ ගනුදෙනුකරුවන් නොවෙයි අවිචාරවත් විදියට හැසිරුණු මූල්‍ය ආයතනය.” “මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි” කොළඹ …

Read More »

සමගි ජන බලවේගය සමග සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව රුවන් පවසයි

සමගි ජන බලවේගය සමඟ සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. අද (17) ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදට යෙදී ඇති 114 වැනි ජන්ම දිනය වෙනුවෙන් පිටකෝට්ටේ ජාතික …

Read More »

කොවිඩ් 19 තත්ත්වය

නව කොවිඩ් 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3276ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඕමාන් හි සිට පැමිණි දෙදෙනෙකු , මැඩගස්කරයේ සිට පැමිණි එක් අයෙකු , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ  කටාර් හි සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් ලෙස ඊයේ (17) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා …

Read More »

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

  මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දින 04 තුළ ක‍්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි. ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි, …

Read More »

දින 17 කදී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 8000 ක් පොලිස් දැලේ

  සැප්තැම්බර් මස 01 වනදා සිට 17 වනදා දක්වා ගතවූ දින 17 තුලදී දිවයිනේ සියලූ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 8,358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 4,712 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 3,438 දෙනෙකු මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය …

Read More »

20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේදී

  20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සිදුකළ කරුණු විමසීමකදීයි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒකාධිපති ගමන වෙනස් කිරීමකට …

Read More »

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේ සහ අම්පාර …

Read More »

පාස්කු ප්‍රහාරකයෙකුගේ කොල්ලුපිටියේ ඉඩම ලියා ගත්තු 05ක් රිමාන්ඩ්

  පාස්කු ඉරුදින ප‍්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම සැකකරුවන් අතර නීතීඥයෙකු ද වන බවයි වාර්තා වන්නේ. …

Read More »

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු අළුත්ගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් ද සමගයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ‍්‍රාමික යුද හමුදා සාමාජිකයෙකු වන ‘‘පාදාගොඩ ආමි ශිවා’’ නමැත්තෙක්. මීට පෙර ද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුම දිවයිනේ විවිධ …

Read More »

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

  රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පවතින මන්දගාමී කි‍්‍රයාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති …

Read More »