Thursday , November 26 2020

Daily Archives: September 23, 2020

පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. උපුටා ගැනීම – අද දෙරණ 13 Views Share on: WhatsApp

Read More »

ආනවිළුන්දාවට අත තියූ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

  ආනවිළුන්දාව රම්සා අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මෙම මස 24 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.  ඒ, ඔහු අද හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් ඊයේ වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.  …

Read More »

ප‍්‍රදේශ කිහිපයකදී ගිනි අවි සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

  ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කඳාන නාගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වැලිසර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 …

Read More »

මෛත්‍රී පාස්කු කමිටුවට ගෙන්වයි

  ලබන මස 05 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා.  ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මෙම දැනුම් …

Read More »

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

  කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පැවසුවේ, දේශීය වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් …

Read More »

කෝප් කමිටුවේ නව සභාපතිගේ ඉලක්කය

  රාජ්‍ය ආයතන 30 ක විගණන විමසුම් ඉදිරි කාල සීමාවේදී කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව, කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. නව තනතුරේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. කෝප් කමිටුවේ සියළු සාමාජිකයින් සමග එක්ව එහි ඉදිරි කටයුතු …

Read More »

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

  නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති …

Read More »

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

  කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් තේරී පත්ව තිබෙනවා. ඒ, එම කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.  එහිදී කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මහාචාර්ය චරිත හේරත්ගේ නම යෝජනා වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින් එය ස්ථිර කර තිබෙනවා. උපුටා ගැනීම – නෙත් News 8 …

Read More »

නිරෝධායනය නිම කළ තවත් 162 දෙනෙකු අද නිවෙස් වෙත

  ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිය නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 162 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අතරින් 77 දෙනෙකු පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි, කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.  මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය නිම …

Read More »

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

  මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලෙනවා. ඒ අනුව, බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ …

Read More »