Thursday , November 26 2020

Daily Archives: September 24, 2020

කොරෝනා ආසාදනය වූ රුසියානුවා ගැන තොරතුරු හෙළිවෙයි : මාතර 100 කට අධික පිරිසකට අද PCR පරීක්ෂණ

  නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයෙකු වාර්තා වීමෙන් සමග ඔහු නවාතැන් ගෙන සිටි මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු 100කට අධික පිරිසකගේ PCR පරික්ෂණයන් අද (24) දිනයේදී සිදුකිරිමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස නව කොරෝනා …

Read More »

මහින්ද සහ මෝදි අතර සාකච්ඡා අනිද්දා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශවික සමුළුවක් ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාව පලවී තිබු බවය. පසුගිය අගෝස්තු 06 වන දින අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය …

Read More »

මන්න රමේෂ්ගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන “මන්න රමේෂ්“ නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල, යාලගම් හන්දිය අසල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව …

Read More »

මංගල-මලික්-පාඨලී-රවුෆ් සහ ෆොන්සේකා අද කොමිසමට

යහපාලන රජයේ සිටි මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ අද (24) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබේ. මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව වාර්තා වේ. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් …

Read More »

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. ඊට අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කෙරුණු අතර වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම …

Read More »

මත්ද්‍රව්‍ය සමග 8දෙනෙක් අත්අඩංගුවට- 17 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ගල්කිස්ස හා හෝමාගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් ග්‍රෑම් 32ක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය. අවුරුදු 17ත් 39ත් අතර වයසේ …

Read More »

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ්  මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කර තිබේ. …

Read More »

ජනපති 75 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරය අමතයි : කොවිඩ් එන්නත ලබාගැනීමට සැමට පහසුකම් සැපයිය යුතු බව කියයි

  ප්‍රජාතනත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවයන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් …

Read More »

රත්මලානේ රොහා පොලීසිය සමග වෙඩි හුවමාරුවක දී මියයයි

ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබේ. ඊයේ (23) රාත්‍රියේ අදාළ පුද්ගලයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රෝලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර …

Read More »

ජනපති හදිසියේ නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට එයි : සේවාවන් නිසි ලෙස පරිදි නොවන බවට පැමිණිල්ලක් (VIDEO)

  නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති බවත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් …

Read More »