Thursday , November 26 2020

Daily Archives: September 25, 2020

පාස්කු ප‍්‍රහාරය ගැන මෛතී‍්‍රට තවත් චෝදනාවක්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැහැර හැරි බවට එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. ඒ, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  මේ අතර පාස්කු ඉරුදින ත‍්‍රස්ත …

Read More »

දුරකථන දත්ත වාර්තා නැහැ – මෛත්‍රීගේ සහෝදරයා ගැන සැකයි – පූජිත් කියයි

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්නේ නම් තානාපතිකමක් දෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) පාස්කු කොමිසමේ දී ප්‍රකාශ කළේ ය. එමෙන්ම තමාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන්,  ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්කුස උපන් සහෝදරයා පිළිබඳව තමන්ට සැකයක් පවතින …

Read More »

කොටි මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට – අඹුසැමි යුවළකුත් ඒ අතර

මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේදී කඳුකර කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් සහ මස් අලෙවි කිරීම සඳහා ‍යොදාගත් ත්‍රීරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. උඩදුමිබර පොලීසියට ලද තොරතුක් මත එම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. උඩදුමිබර, කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන්ට ඇටවූ මන්දකට එම කොටියා හසුවී ඇති බව පොලීසිය …

Read More »

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද …

Read More »

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම …

Read More »

විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් ?

රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය හේතුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව …

Read More »

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 213යිමිලිග්‍රෑම් 868ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ පොලීසිය විසින් අදාළ සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (25) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර …

Read More »

මිලේනියම් සිටි නඩුව – වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වන දා

මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍යය පටබැඳිගේ මහතා නියෝග කර තිබේ. 2002 වසරේ ජනවාරි මස 02 වන දා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ …

Read More »

පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසී“ ඔක්තෝබර් 09 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ. එම නියෝගය ලබා දුන්නේ ඔහුව අද (25) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා …

Read More »

කොවිඩ් ආසාදනය වූ රුසියානුවා ඇතුළු පිරිස සාමාන්‍ය සංචාරකයින් ලෙස මාතර නගරයේ සැරිසරලා : පිරිස ගැන සෞඛ්‍ය බලධාරීන් පෙර දැනුවත් කර නැහැ – PHI සභාපති කියයි

  මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණි සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට පෙර දැනුවත් වීමක් කොට නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. ඔහු සඳහන් කළේ රුසියානු ගුවන් සේවයට අයත් …

Read More »