Thursday , November 26 2020
Home / 2020 / October

Monthly Archives: October 2020

කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවධානම් සහිත ප්‍රදේශ (PHOTOS)

       සංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.  ඊයේ දිනය හැරුණු කොට ලැබී ඇති දත්ත අනුව සකස් කොට තිබෙන මෙම සිතියම අනුව මෙරටින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස සටහන්ව ඇත්තේ උතුරු පළාතේ වව්නියාව සහ මුලතිව් …

Read More »

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොවිඩ්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. ඔහු තවදුරටත් පැවසුවේ, ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවය. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය …

Read More »

ඉස්සන් මිල දී ගැනීමට පෑලියගොඩට ආ වඩේ වෙළෙන්ඳාට කොවිඩ්

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පුද්ගලයාගේ වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට ලක්කිරීමට ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද (26) උදෑසන කටයුතු කළේය. බකමූණ, ට්‍රැක් 19 ප්‍රදේශයේ පදිංචි වී සිටි …

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු කල්යයි

ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ අද (26) දින සිට කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු විභාග කල්දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල්දැමූ බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය. …

Read More »

කොළඹ නගරයේ දී අහඹු ලෙස පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය බැලීමට යුද හමුදා යතුරුපැදි කණ්ඩායම් 05ක්

       යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙම යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණය කණ්ඩායම් දෙකක් කොළඹ නගර සිමාවේද අනෙක් කණ්ඩායම් 03 ග්‍රෑන්ඩ්පාස් …

Read More »

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහා රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ …

Read More »

තැන් කිහිපයකට තද වැසි

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි …

Read More »

කොළඹට පැමිණෙන දුරගමන් බස්රථ ධාවනය තාවකාලිකව අත්හිටුවයි

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව නාරාහේන්පිට …

Read More »

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4000 ඉක්මවයි

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 දෙනාත් සමගය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳෙපොළේ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් තිදෙනෙක් විදේශීයව සිට මෙරටට …

Read More »

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ. උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. මේ අතර අද …

Read More »