Saturday , October 24 2020
Home / 2020 / October / 06

Daily Archives: October 6, 2020

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. උපුටා ගැනීම – නෙත් News 6 Views Share on: WhatsApp

Read More »

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 739 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා. උපුටා ගැනීම – නෙත් News 7 …

Read More »

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.  පොලිස් මූලස්ථානය පැවසුවේ සියලූම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම්දෙන අත්හිටුවීමට වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න පියවර ගෙන ඇති බවයි.  දිවුලපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමගම එම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම …

Read More »

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා – ලෝක සෞඛ්‍ය සංවිධානය

       ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා. ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා …

Read More »

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළ විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය …

Read More »

ඉදිරි පැය 48 තීරණාත්මකයි : උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තීරණය හෙට

  ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය …

Read More »

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා. මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත. උපුටා ගැනීම – නෙත් News 6 …

Read More »