Saturday , October 24 2020
Home / 2020 / October / 14

Daily Archives: October 14, 2020

පිළියන්ද විහාරස්ථානයක හිමිවරුන් 75ක් ඇතුළු 90 දෙනෙක් ස්වයං නිරෝධායනයට

       පිළියන්දල, කහපොල ප්‍රදේශයේ පිහිටි සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 75 දෙනෙකු ඇතුළු 90 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් …

Read More »

මතුගමින් කොවිඩ් රෝගීන් තිදෙනෙක්

මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි. මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය. බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ …

Read More »

සේවකයින්ට සති දෙකකට වරක් PCR පරීක්ෂණ කරන ලෙස ඇඟලුම් කම්හල්වලට දැනුම් දෙයි

දිවයිනේ සෑම ඇඟලුම් කම්හලක්ම සෑම සති දෙකකට වරක් සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවට රජය උපදෙස් දී තිබේ. එම උපදෙස් ලබා දී ඇත්තේ දිවයින පුරා නිමිඇඳුම් කර්මාන්තශාලා හිමියන් සහ පරිපාලන නිලධාරීන් සමග රජයේ බලධාරීන් අද (13) පැවැත්වූ සාකච්ඡාවකදීය. උපුටා ගැනීම – අද දෙරණ 5 Views Share on: WhatsApp

Read More »

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයින හරහා, …

Read More »

කොළඹ නගරයේ PCR පරීක්ෂණ 2884ක් – ආසාදිතයින් 10ක්

පසුගිය 06 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ පී.සී.ආර් පරීක්ෂණ 2884 ක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. ඒ අතරින් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු කියාසිටියේය. නමුත් එම ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ …

Read More »

ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය ඉරිදා දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් …

Read More »

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දින 10ට ආසාදිතයින් 1500 ඉක්මවයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින් ගණන අද (14) උදෑසන වන විට 1,591 දෙනෙකු ලෙස වාර්තා වේ. ඉන් පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 555 දෙනා එම කම්හලේ සේවකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම ආසාදිතයින් …

Read More »

පාස්කු ප්‍රහාරයේ වගකීම පසුගිය ආණ්ඩුවේ සියලුදෙනා භාරගත යුතුයි – රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට රටේ ආරක්ෂක අංශ වල පැහැදිලි බිඳවැටීමක් සිදුව තිබූ බව එම අවස්ථාව වන විට මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ (13) පිළිගත්තේය. ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුවක් ලෙස …

Read More »

මාරුවීම් ලැබූ සුරාබදු මානව සම්පත් කොමසාරිස් තවම කාර්යාලයේ : නව පත්වීම් ලැබූ නිලධාරියා අසරණ වෙයි

ස්ථාන මාරුවීම් ලැබී ඒ වෙනුවෙන් පත් කළ යුතු නිලධාරියා පැමිණියත් මේ දක්වා සිය කාර්යාලයෙන් ඉවත්ව නොගිය සුරාබදු කොමසාරිස්වරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා. මානව සම්පත් හා පාලක සුරාබදු කොමසාරිස් ධුරයේ රාජකාරී සිදුකරන එම නිලධාරියාට පසුගියදා ස්ථාන මාරුවීමක් ලබාදී ඇත්තේ වහාම ක්‍රියාත්මකවන පරිදි වන අතර ඒ වෙනුවට මිනිස් බල හා රැකි රක්ෂා …

Read More »

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

       ‪ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් 114 දෙනා අතුරින් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා …

Read More »