Saturday , October 24 2020
Home / 2020 / October / 15

Daily Archives: October 15, 2020

රද්දොළුගම දේව මෙහෙයකට සහභාගී වු 12කට කොවිඩ්

රද්දොළුගම, දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වු පිරිසගෙන් 12 දෙනෙකු මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. උපුටා ගැනීම – අද දෙරණ 6 Views Share on: WhatsApp

Read More »

කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතනය කළ පුද්ගලයාට අධිචෝදනා ගොනු කෙරේ

2012 වසරේ කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින සැකකරුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ එම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින එන්.ඒ. සුරේෂ් චානක නමැත්තාට නීතිපතිවරයා විසින්ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර …

Read More »

ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙකුටත් කොරෝනා

  කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන කාර්යාලයක සේවයේ නියුතු සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. කොළඹ, මරදාන ප්‍රදේශයේ ටි.බී.ජයා මාවතේ පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී …

Read More »

වැඩබලන මහෙස්ත්‍රාත්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ දෙදෙනා රිමාන්ඩ්

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ කොතලාවල විහාර මාවතේ පිහිටි නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තාවේ. මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා, ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා …

Read More »

කොවිඩ් ආසාදිතයින් 49ක්

කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි. …

Read More »

“මාව හෝටලයකට එක්කගෙන ගියා.. නුවරත් ගියා…” – හෝටල්වලට අරන් ගිහින් 15 හැවිරිදි සිසුවාගෙන් අයුතු ප්‍රයෝජන ගත් ටියුෂන් ගුරුවරියට සිදු වූ දේ

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි.  මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් …

Read More »

බන්ධනාගාර බුද්ධි අංශය යළි සක්‍රීය කිරීමට යෝජනාවක්

       බන්ධනාගාර බුද්ධි අංශය යළි සකී‍්‍රය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.  බන්ධනාගාර බුද්ධි අංශය සදහා මීට පෙර නිලධාරීන් 200 දෙනෙකු අනියුක්ත කර තිබූ නමුත් ඉකුත් ආණ්ඩුව සමයේදී එහි නිලධාරීන් සංඛ්‍යාව 95 දෙනෙකුට සීමා කෙරුණා. එහෙත් බන්ධනාගාර ආරක්‍ෂක කටයුතු සදහා එම නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන බවයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ …

Read More »

මන්ත්‍රී රිෂාඩ් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයාව අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බවය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප …

Read More »

උසස් පෙළ කඩයිම් ලකුණු සකස් කර අවසන්

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, කඩයිම් ලකුණු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බවය. මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන …

Read More »

හබරාදූව පොලීසියේ 5ක් නිරෝධායනයට

ගාල්ල, හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ඇසුරු කළ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙනි. පසුගියදා එම පොලිස් නිලධාරියා සහභාගි වූ උත්සවයකට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ද සහභාගී වී ඇති අතර එම සේවකයාට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති …

Read More »