Thursday , November 26 2020
Home / 2020 / October / 21

Daily Archives: October 21, 2020

කොවිඩ් සමාජ ව්‍යාප්තිය අභියස – GMOA අනතුරු අඟවයි

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අඟවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් එය බරපතළ තත්ත්වයක් බවය. ලංකාවේ දිස්ත්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවන බැවින් උප පොකුරු ගණනාවක් රට පුරා නිර්මාණය …

Read More »

කළුබෝවිල රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙක්ට කොරෝනා

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද ද වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. අදාළ සේවකයා ඉකුත් 15 වැනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර රෝග ලක්ෂණ හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට යොමු වී තිබුණි. ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු …

Read More »

මධූෂ්ගේ අවසන් කටයුතු අද

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම, පමුණුව ප්‍රදේශයේ ඥාති නිවසක තැන්පත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අද (21) දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බවය. මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට …

Read More »

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. උපුටා ගැනීම – අද දෙරණ 22 Views Share on: WhatsApp

Read More »

එකම පවුලේ තිදෙනෙක්ට කොවිඩ් – කඩවත බංගලාවත්තට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ. කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා පවසා සිටියේ, ඊයේ (20) රාත්‍රී 7.30ට පමණ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවු බවය. “රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමග තමයි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තේ. …

Read More »

මගීන් අඩු නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් නතර කෙරේ

       කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දුම්රිය මගීන්ගේ අඩුවක් පවතින බැවින් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු. මේ අතර කලූතර දිස්ත‍්‍රික්කය තුළ වාහන ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ මතුගම …

Read More »

මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තැබූ ෆේස්බුක් සටහන

මධුෂ්ගේ මිය යෑම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මධුෂ් නැමැති නම ප්‍රථමයෙන්ම සටහන් කළේ තමා බවත් මීගමුව, ගාල්ල, ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් දහයක් සම්බන්ධයෙන් 2006 වසරේ වාරියපොල ප්‍රදේශයේ දී ප්‍රථම වරට මධුෂ්ව අත්අඩංගුවට ගත්තේද …

Read More »

සජිත් කොරෝනා ආසාදිතයෙකුගේ දෙවන පෙළ ආශි‍්‍රතයෙකු බව මැති සබයේදී හෙළිවෙයි

  විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවන පෙළ ආශි‍්‍රතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා,  අග‍්‍රාමාත්‍යවරයාට යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.  මේ, විපක්ෂ නායකවරයා නැගූ ප‍්‍රශ්නයට අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දුන් අමාත්‍ය පවිත‍්‍රා …

Read More »

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා : අහඹු PCR පරීක්ෂණ 100ක ප්‍රථිපල එයි

       පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් …

Read More »

කොටුව පොලීසිය යළි විවෘත කෙරේ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍ විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. කොරෝනා වෛරසය ආසාදනය වු …

Read More »