Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 09

Daily Archives: November 9, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක්

කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල” ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. …

Read More »

කඨීන පිංකම් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

ඉදිරි සති කිහිපය තුළ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට නියමිත කඨීන පිංකම්වලදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිදන්ගත රෝග සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කොවිඩ් – 19 …

Read More »

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 5ක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටී

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කළ කැඳවීමක් අනුව අද (09) උදෑසන එහි පැමිණ තිබේ. ඔවුන් අද පෙරවරු 10.45ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව හමුවේ මෙම මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිල්ලකින් පසු …

Read More »

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වීමට නියමිතය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. අද පස්වරු 02.00 ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාට දැනුම් දී තිබේ. මෙහිදී එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය …

Read More »

බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොවිඩ් වැළඳේ

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. කෙසේවෙතත් ඉන් නිලධාරීන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 250 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය. නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස්නාහිර පළාතේ නිලධාරීන් 317 දෙනෙකු යොමුකර ඇති අතර ස්වයං …

Read More »

සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි

අද (09) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව …

Read More »

අත්‍යාවශ්‍ය සේවා වුවත් හුදෙකලා කළ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියාට යාමට අවසර නැහැ : පොලිස් මාධ්‍ය ප්‍රකාශක

       හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ට වුවද සිය රාජකාරී …

Read More »

වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා

       වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙලෙස වෛරසය ආසාදනය වූ අයවළුන් අතර 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් වනවා. බන්ධනාගාර නිලධාරියෙක්ටද වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්. වෛරසය ආසාදනය …

Read More »

හෙට සිට කාර්යාලීය දුම්රිය ගමන් වාර ඇරඹේ – අධිවේගයත් විවෘතයි

       හෙට සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප‍්‍රදේශවල කාර්යාලීය දුම්රිය පමණක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.  එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල දුම්රිය ස්ථානයන්හිදි එම දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවයි. ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, …

Read More »

තවත් කොවිඩ් මරණයක් සහ ආසාදිතයින් 510ක් වාර්තා වෙයි

  මෙරට 35 වන කොරෝනා වෛරසය ආසාදිත මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 78 වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. මිය යාමට හේතුව ලෙස හඳුනා ගෙන ඇත්තේ කොවිඩ් 19 වෛරසය …

Read More »