Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 13

Daily Archives: January 13, 2021

ආසාදිතයින් වැඩිම ගම්පහ – දෙවැනියට කොළඹ

කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති නව ආසාදිතයින් 588 දෙනෙකු ඊයේ (12) දිනය තුළ හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයින්ගෙන් 4 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ය. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 158කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා …

Read More »

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයෙක් බන්ධනාගාරයට

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් …

Read More »

එජාප තනතුරුවල වෙනසක් – නායකත්වය වෙනස් නොවේ

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ. අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර …

Read More »

අජිත් ප්‍රසන්න ට ඇප

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අජිත්  ප්‍රසන්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් …

Read More »

එංගලන්න නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ …

Read More »

කැලෑවකින් හෙරොයින් කිලෝ 20ක්

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ. ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී මෙම හෙරොයින් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.  උපුටා ගැනීම – අද දෙරණhttps://youtu.be/TnzYWIDrtN4 12 Views Share on: WhatsApp

Read More »

අවදානම් සහගත එන්නතක් වැඩක් නෑ – වෛද්‍ය හරිත

මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය. මේ සම්බන්ධයෙන් කරණු පැහැදිළි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ …

Read More »

සිද්දික්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (12)  සවස සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට …

Read More »

පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ අද

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය. …

Read More »

කොළඹ ප්‍රදේශ 2ක් යළි හුදකලාවීමේ අවදානමක

කොළඹ ප්‍රදේශ 02ක ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් …

Read More »