Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 18

Daily Archives: February 18, 2021

කාදිනල් හිමිපාණන් ගේ පෙත්සමට පොලිස්පති ඇතුළු පිරිසකට නොතිසි

   පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් …

Read More »

පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර …

Read More »

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ අතර කොවිඩ් එන්නත් ලබාදීමේ කටයුතු අද (18) දිනයේ දීත් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය. තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ …

Read More »

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල බුදුපිළිම හා මුදල් කොල්ලකයි

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල මුදල් හා ඉතා වටිනා බුදුපිළිම සංවිධානාත්මකව කොල්ලකෑ පුද්ගලයින් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (17) දහවල් කාලයේ දී කතරගම නගරයේ පිහිටි විහාරස්ථානයකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් කොළඹ අපරාධ …

Read More »

වවුනියාවේ කැලෑවක මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්

වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.  ලද බුද්ධි තොරතුරක් මත මෙම සඟවා තිබු මරාගෙන මැරෙන ඇදුම් කට්ටල දෙක සොයාගත් බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළේය. ඉන් එකක් කිලෝග්‍රෑම් දෙකහාමාරක පමණ බරකින් යුතු පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත වේ. සොයාගත් එම …

Read More »

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවය. සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625ක් සොයාගෙන තිබේ. ඇය 39 හැවිරිදි කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ. සැකකාරිය අද (18) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව …

Read More »

කැලෑ කපන්නන් සොයා ගුවනින් මෙහෙයුමක්

   වනාන්තර හෙළිකර ඇති ප්‍රදේශ හදුනා ගැනීම සදහා ඉදිරියේදි ගුවනින් මෙහෙයුමක් අරඹන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්. nethvoice · KAMAL GUNARATHNA 01 මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න. nethvoice …

Read More »

මේ වසරේ අලුතින් සිසුන් දසදහසක් සරසවි සඳහා බඳවා ගන්නවා

   මෙම වසරේදී විශ්ව විද්‍යාල සදහා සිසුන් 10,579 දෙනෙකු වැඩිපුර බඳවා ගැනිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමතුරංග පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. nethvoice · PROF SAMPATH 01 මේ එහිදී වැඩිදුරටත් දැක්වූ විශ්ව විද්‍යාල …

Read More »

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව සිංහල අවුරුද්දෙන් පසු

   ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මුලින්ම ලබාගත් මෙරට පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුදු සමයෙන් අනතුරුව ලබාදීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒසඳහා අවශ්‍ය එන්නත් තොග නුදුරේදීම …

Read More »

පාස්කු ප්‍රහාරයට අනුබලන දුන් මද්‍රසා පාසල් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිජාස් හිස්බුල්ලාට අනුබලදීම සම්බන්ධයෙන් මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම විදුහල්පතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි.  මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටින හිජාස් හිස්බුල්ලා අදාළ අධිකරණය හමුවට …

Read More »