Tuesday , March 2 2021
Breaking News
Home / 2021 / February / 19

Daily Archives: February 19, 2021

ආසාදිතයින් 743කට සුවයි

අද (19) දිනය තුළ ආසාදිතයින් 743ක් සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 72,000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 72,566 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදිතයින් 5,424  දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. …

Read More »

පානම මුහුදේ රිච්ටර් ඒකක 4ක අගයකින් යුත් භූමිකම්පාවක්

     අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙම භූමිකම්පාව අද පෙරවරු 11.14ට පමණ සිදුව තිබෙනවා. කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14ක් නැගෙනහිරින්වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් …

Read More »

පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර හමුවක්

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබේ. නව පොලිස් කොමිසම පත්කිරීමෙන් පසු පොලිස්පතිවරයා සහ කොමිසම අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය බව්‍ වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයාට අමතරව සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කැඳවා තිබේ. අද උදෑසන 9.30ට පොලිස් කොමිසමේ සභාපති හිටපු …

Read More »

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් STF අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ රුපියල් 350,000කට අධික මුදල් සමග මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එම සැකකරුවන් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සැකකරුවන් සතුව තිබූ ත්‍රිරෝද රථයක්ද …

Read More »

ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ. එසේ ගුවන් ගමන් අරඹා ඇත්තේ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය යි. මෙයින් පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට …

Read More »

විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම සහ ජනපති අතර හමුවක්

පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ. පසුගිය පෙබරවාරි 11 වන දා පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ නිල නිවේසේදී රැස්වීමක් පැවැත්වුයේය. කොළඹ වරායේ නැගෙනහිර …

Read More »

ලේ බැංකුවේ ලේ හිඟයක්

රටේ පැතිරෙමින් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව රුධිර පාරවිලයන සේවය, අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.  ඒ අනුව ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමට යම් සුවිශේෂි ක්‍රියාවලියකට එළඹීමට ජාතික රුධිර පාරවිලයන සේවය තීරණය කර තිබේ. රුධිර දායකයින්ට …

Read More »

බැදුම්කර වෙන්දේසි සම්බන්ධ නඩු විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු දෙකක් පත් කෙරේ

   නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් 2016 බැදුම්කර වෙන්දේසි දෙක සම්බන්ධ නඩු විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු දෙකක් අද පත් කළා. ඒ අනුව මහාධිකරණ විනිසුරුවන් වන ඩී. තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්. ඉර්සඩීන් පළමු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට පත්කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න …

Read More »

නීතිපති දෙපාර්තමේන්තුවේ 425 කටත් කොවිඩ් එන්නත

   සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ 425 දෙනෙකු සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. අද දිනයේද බස්නාහිර පළාත තුළ අවදානම් ප්‍රදේශවල එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ද කොරෝනා මර්දන එන්නත නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී අද දිනයේද ලබාදුන්නා. එන්නත ලබාගැනීමෙන් …

Read More »

ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත කොරෝනා ආසාදිතයින් යොමු කිරීම ප්‍රමාද වීම ගැන බලධාරීන්ගේ අවධානය

   ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම ප්‍රමාදවීම හැරෙන්නට කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු නිවෙස් තුළ රැදවීමක් සිදු නොකරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කොරෝනා ආසාදිතයින් දින කිහිපයක් නිවෙස්වල තබන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ …

Read More »