Friday , June 25 2021
Home / Local News / නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

උපුටා ගැනීම – අද දෙරණ

23 Views

About slmedia

Check Also

රසායනික පොහොර තහනම නිසා ආනයන වියදම් වැඩි විය හැකි බවට අනාවරණයක්

  රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය තහනමෙන් පසු තත්ත්වයන් පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ …