Thursday , January 14 2021
Home / Gossip / Love කියන්නෙ කෙමිකල් එකක් Kiss කියන්නේ පරීක්ෂණයක්

Love කියන්නෙ කෙමිකල් එකක් Kiss කියන්නේ පරීක්ෂණයක්

මචං, උඹලා හිතාගෙන ඉන්නෙ සෙක්ස්වලින් තොර ආදරයක් තියෙනවයි කියලනෙ. ආදරේ කියන්නෙ දෙල්, ‍ෙදා‍ෙදාල් වෙන, තොල් තොදොල් වෙන, ලල් ඉගිල්ලෙන සෞන්දර්යාත්මක හැඟීමක් කියලා නේද හිතාගෙන ඉන්නෙ………. හූ……. හූ…. එහෙනම් උඹලා වැරැදියි. ආදරය කියන්නෙ සාහිත්‍යමය වචනයක් විතරයි. ඩෝං!! සොබාදහම විස්මිතයි වගේම, කපටියි. මේ කරන කපටි වැඩවලට දෙන්න ඕන හීනි කෝටුවකින්. ආදරය කියන මායාවෙන් අපිව රවට්ටලා ලිංගික හැඟීම් අවුස්සලා අපේ ජන්මාණු ව්‍යාප්ත කරන වාහකයෙක් විදිහට සොබාදහම අපිව පාවිච්චි කරනවා. අනේ ඉතින් අපිත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ජන්මාණු බෙදාහරින වාහකයො වෙනවා. අන්තිමේදී ලිංගිකව එකතු වෙලා වර්ගයා බෝ කරනවා.

ආදරේ කියලා කියන්නෙ කොල්ලෙක්වයි කෙල්ලෙක්වයි සෑහෙන කාලයක් එකතු කරලා ප්‍රජනන සීන් එක කරවන ජීව විද්‍යාත්මක උපක්‍රමයක්. ආදරේ කියලා නමක් දාගත්ත මේ සීන් එක අපිට පට්ට ආතල්. ඒක කොච්චර ආතල් ද කියනවා නම් ඒ ආතල් එකෙන් අපි මත් වෙනවා, විකල් වෙනවා, රැවටෙනවා, පා වෙනවා, තනියම හිනා වෙනවා, කොට්ටෙ බදාගෙන ඇඳ උඩ පෙරළෙනවා, ලැජ්ජ හිතෙනවා, මූණ රතු වෙනවා, මාරම සතුටක් හිත ඇතුළෙ නළියනවා, අතරමං වෙනවා, හිතින් ලොකු ටි්‍රප් එකක් යනවා, අනාගතය ප්ලෑන් කරනවා, මාත්‍රාව ඉක්මවා යනවා, හදගැස්ම වැඩි වෙනවා, ෆිල්ම්ස් බලන්න යනවා, ඩිනර් අවුට් යනවා…. ආතල් වැඩ ගොඩයි. සමහර වෙලාවට මං ඇතුළු අප්පුහාමිලා මේ ආදරය ගැන වෙන වෙන අර්ථකථන දීලා ඒක ගැන සින්දු, කවි, නිසදැස්, කියමන්, ලිපි ටොන් ගණන් ලියනවා. ආදරය ගැන ලියලා අපේම ‍ෙදා්දු  අපි විසින් මෝදු කරගන්නවා.

ජීව විද්‍යාත්මකව ගත්තොත් මේ ආතල් සොමියට හේතුවෙන රසායනික ද්‍රව්‍ය ලෝඩ් එකක් මොළය ඇතුළේ තියෙනවා.. Phenylethylamine  එහෙමත් නැත්නම් PEA කියන රසායනික සංයෝගයේ බලපෑම මේ සීන් එකට වැඩියෙන් බලපානවා. මේ සංයෝගය නිසා අපේ ඇඟේ ඇඩ්‍රිනලින් ප්‍රතිශතය පවා ඉහළ යනවා. එතකොට අපිට මාරම පට්ට ෆීල් එකක් දැනෙනවා. ඒක නිකං හරියට මාරම කට්ටක් කාලා ඔලිම්පික් තරගයක් දිනලා රන් පදක්කමක් ගත්තා වගේ ගැම්මක්. ඒ ගැම්ම අපිට දැනෙන්නේ ඇඩ්‍රිනලින් නිසා. මේ හැම ගැම්මකම සැඟවුණු අර්ථය තමයි ලිංගිකව එක්වෙන සීන් එකට අපිට ටිලිං ටිලිං එකක් දෙන එක. මේ කාලෙදි ශ්‍රාවය වෙන එන්ඩ්රොෆින් නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. මේ දේවල් නිසා අපේ ගතටත් හිතටත් මාර ගැම්ම දැනෙනවා. අපි ඉතිං ඒ විද්‍යාත්මක රසායනික ගැම්ම, සාහිත්‍යමය සහ සංස්කෘතික ඇම්මක් කරගෙන දඟලනවා. කමක් නෑ ඉතිං ආතල්නෙ.

“ෆ්රැන්සින් ක්‍රික්” කියන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාවේ තීරණාත්මක සොයාගැනීම් ලෝඩ් එකක් කරපු කෙනෙක්. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කරපු සොයා ගැනීම් නිසා නොබෙල් සම්මානය පවා ඔහු දිනාගත්තා. මේ තියෙන්නෙ ඔහු කරපු ප්‍රකාශයක්.

“ආදරේ කියන්නෙ ස්නායු සෛල රාශියක් එකතුවෙලා යම් රසායනික ප්‍රතික්‍රියාවක් දැක්වීම මිස, වෙන කිසිම දෙයක් නෙමෙයි.”

ආදරේ කරන කාලෙදි අපේ මොළයේ නියුරෝන ස්නායු අග්‍රවල වෙනම කෙමිකල් රිඇක්ෂන් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කාලෙදි අපිට ලෙඩ හැදෙන්නෙ අඩුවෙන්, දුක හිතෙන්නෙ අඩුවෙන්. සරලව කියනවා නම් ආදරය ඇති වුණාම අපේ සෞඛ්‍ය තත්ත්වය මාර විදිහට යහපත් වෙනවා. මේ ඔක්කොම කරන්නේ වර්ගයා බෝ කරන්න අපේ ඇඟ රෙඩි කරන එක. ඒත් අපේ ඇඟට දැනෙන අමුතුම මෙව්වා එකට ආදරය කියලා නමක් අපි දාගන්නවා.

උඹලව කොර වෙලා යන තව දෙයක් මම කියන්නම්. ආදරය කරද්දි කොල්ලගේ / කෙල්ලගෙ ලිප්ස් කිස් කරන්න හිතෙනවා නේද? ආව් ආව්…. ටිලිං… ටිලිං…. එහෙම හිතෙන්නෙත් විද්‍යාත්මක හේතුවක් නිසා. ආදරය කරද්දි දෙතොල් සිප ගන්න එක අපිට ආතල් එකක්. ඒත් සොබාදහමට ඒක මාරම පර්යේෂණයක්. දෙතොල් සිප ගන්නකොට දෙදෙනා අතර හුවමාරු වෙන අනෙකාගේ සියුම් කෙළ අංශු ගැන මොළය විසින් ක්ෂණික රසායනික විශ්ලේෂණයක් කරලා දෙන්නගෙම ජන්මාණු ගැළපීම ගැන නිගමනයකට එනවා. මෙතැනදි කොල්ලාගෙ කෙළ අංශු විශ්ලේෂණය කරන කෙල්ලගේ මොළය, කොල්ලගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන පවා නිගමනයක් ලබා ගන්නවා. සෙල්ලන්ද කොල්ලො කිව්වලු!! පේනවා නේද? ආදරේ කියනදේ පිටිපස්සේ විද්‍යාත්මක සහ තාක්ෂණ දේවල් මොනතරම් තියෙනවද කියලා, දෙතොල් සිපගන්න හැටි ගැන OVERDOSEවලින් ඊළඟ සතිවල අපි චැට් එකක් දාමු. ඊළඟ පාර girlfriend / boyfriend  එක්ක දෙතොල් සිපගන්න කොට මේ කියපු කතාව මතක තියාගෙන කරන්න.

ලක්මිණ රණසිංහ

උපුටා ගැනීම – මව්බිම

16 Views

About slmedia

Check Also

‘ෂෙලීනා’ කතාවෙ ලස්සන ආදරයක් තියෙනවා

පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ෂෙලීනා’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. එහි ‘ෂෙලීනා’ …