Saturday , October 24 2020

Recent Posts

ලිංගික උත්තේජක ඖෂධ ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ 09ක්

විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ?  අප කතාබහ දිග හැරෙනුයේ ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේ භාවිත නොකළ යුතු පණිවුඩය සමාජගත කිරීමටය.  ලිංගික උත්තේජක ඖෂධයන්ට ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ එවැනි ඖෂධ ගැනීමෙන් ලිංගිකව එක් …

Read More »

ගෝඨාභය CIDයට පැමිණේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (12) පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.  ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම් දීමකට අනුවයි.  කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් …

Read More »

වාසනාගමේ අවාසනාව

ගැටලු විසඳීමට බලධාරීන් නොපැමිණෙන බව දන්නා ඇතැම් ගම්වැසියන් තමන්ට හැකි පමණින් ඒවා විසඳා ගන්නේ නිහඬවම දුක දරා ගනිමිනි. එවැනි ගම්මාන රැසක පොදු ගැටලු විමසමින් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් 6ක් අදත් සංචාරය කළේ ය. වන අලි තර්ජනයෙන් දැඩි බලපෑමක් සිදුවන ත්‍රිකුණාමලය ගෙංගේ ගම්මානයේදී ගම්වැසියන් පිරිසක් අප හමුවට පැමිණියහ. ඔවුන් පැවසුවේ දිවා …

Read More »

රොබොට්ටන්ට අකරතැබ්බක්

‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරු ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට රොබෝ රෝවර් යානා හතරක් යවා ඇත. රෝවර් යානයක් යනු, අඟහරු මතුපිට එහෙමෙහෙ ගමන් කරමින් ඡායාරූප සහ සාම්පල ලබා ගනිමින් ගවේෂණයේ යෙදෙන රෝබෝ යානයකි. නාසා විද්‍යාඥයන් අඟහරු ගවේෂණයට යැවූ රෝවර් යානා වන්නේ ‘පාත්ෆයිනඩර්’, ‘ස්පිරිට්’, ‘කියුරියෝසිටි’ සහ ‘ඔපචුනිටි’ ය. මේ වනතුරු හොඳින් …

Read More »

දුම්වැටි අලෙවිය බලන් ඉද්දි අඩුවෙයි..ආණ්ඩුවට කෝටි 1800ක දැවැන්ත පාඩුවක් – ඇමති මංගලගෙන් රාජිතට දොස් මුරයක්..!

දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින්  (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි වාර්තාවේ.මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (11) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර තිබේ. සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද …

Read More »

හිරුට නෑගම් ගිය නාසා යානය

අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකාවේ නාසා ආයතනය අද (12) රොබෝ ගවේෂණ යානයක් හිරු ගවේෂණය සඳහා පිටත් කර හැරියේය. මෙම ගවේෂණ යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ එසේත් නැතිනම් පාකර් සෝලර් ගවේෂණ රොබෝ යානය ලෙස හැඳින්වෙයි. විශ්වය සහ ග්‍රහලෝක අධ්‍යනය කිරීමට රොබෝ ගවේෂණ යානා පිටත් කර ඇති නමුත් හිරු ගවේෂණයට රොබෝ …

Read More »

රියැදුරන් නැති වාහන

ඩුබායි නගරවල රියදුරන් රහිත මෝටර් රථ ධාවනය කිරිමේ හැකියා පරික්ෂා කිරීම සඳහා ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පසුගිය කාලයේ නියමු ව්‍යාපාතියක් ආරම්භ කළේය. එම නියමු ව්‍යාපෘතියේ හතරවන අදියරය පසුගියදා ආරම්භ කළ අතර කලින් අදියරයන්වල පරීක්ෂා කළ දුර ප්‍රමාණයට අමතරව කිලෝමීටර් 1.25ක දුරක් එක්කර රියදුරන් රහිතව මෝටර් රථ ධාවනය කිරීමේ හැකියාව පරීක්ෂා …

Read More »

ලොව පුරා රැකියාවල නිරතවන්නන් සඟවා සිටින කරුණු නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි

ලොව පුරා සිටින සේවා නියුක්තිකයින්ගෙන් අඩක් පමණ දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් පීඩා විඳින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. සේවා නියුක්තිකයින් 44,000ක් පමණ යොදා ගනිමින් මෙම සමික්ෂණය සිදු කර තිබුණා. ඉන් බහුතරයක් සිය සේවා කාලය අතරතුරදී මානසික පීඩනය, කාන්සිය හෝ හීන වූ මනෝභාවයකින් පෙළෙන බවයි එහිදි අනාවරණ වී ඇත්තේ. එසේම බය, …

Read More »

“බස් ගාස්තු 10%කින් වැඩි කරන්න වෙනවා”

ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් ගාස්තු ද සියයට 10කින් වැඩි කළ යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ස්ටැන්ල් ප‍්‍රනාන්දු කියා සිටියේ වරින්වර ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවයි. බස් ගාස්තු වැඩි කිරීම සඳහා අද (12) සිට …

Read More »

ලොරි රථයක් තුළ තරුණියක් දූෂණය කරයි – විවිද මාධ්‍ය පළකල පුවත්

ජංගම දුරකථනයෙන් ඇමතුම් ගෙන මිතුරු වූ තරුණියක් ලොරි රථයක් තුළ දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඇයව ගලේවෙල දේවහුව වැව් ඉස්මත්තට ගෙන්වාගෙන ලොරි රථයක් තුළදී මෙලෙස දූෂණයට ලක් කළ බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සෙබලෙකු සැකපිට ඊයේ (11)  රාත්‍රියේ ගලේවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. …

Read More »

අණ නොතැකු වෑන් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් – විවිද මාධ්‍ය පළකල පුවත්

කුරුණෑගල, පිලීකඩ ප‍්‍රදේශයේදී අණනොතකා ධාවනය වූ සැකකටයුතු වෑන් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. ඒ, හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත අදාළ වෑන් රථය නවතා පරීක්‍ෂා කිරීමට සූදානම් වූ  අවස්ථාවේදීයි. වෙඩි ප‍්‍රහාරයත් සමග පලාගිය වෑන් රථය මිල්ලව ප‍්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. පසුව කළ පරීක්‍ෂාවකදී අසල පාළු නිවසක …

Read More »

කනගරායම්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

වවුනියාව – කනගරායම්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, පොලීසිය එම සැකකරුවන්ට සහ පාසල් ළමයින් දෙදෙනෙකුට පහරදුන් බව පවසමින් අද විරෝධතාවක් පැවැත්වුණා.  කනගරායම්කුලම් පාසල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන් සහ ශාන්ති ශ්‍රී සන්දරාසා එක්ව සිටි බවයි වාර්තාවන්නේ. උපුටා ගැනීම- හිරු …

Read More »

GI බටයක් ඔලුවට කඩා වැටී මැරෙන්න ගිහින් 99න් බේරිලා

කොළඹ හුණුපිටිය පාරේ පෞද්ගලික සමාගමක් ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක GI බටයක් කඩා වැටීමෙන් ඉදී කිරීම් භූමිය අසල නවතා තිබූ Hybrid වර්ගයේ වාහනයකට හානි වී ඇත. ඉදි වෙමින් පවතින ගොඩනැගිල්ලේ ඉහල සිට එක් වරම GI බටයක් පහලට වැටුනු බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි. වාහනයේ වහලට මින් හානි සිදු වී ඇති අතර …

Read More »

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

පොල්ගොල්ල ජල සම්පාදනයට අයත් ප්‍රදේශ කිහිපයක හෙට(12) දිනයේ  පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට උදෑසන 09.00 සිට පස්වරු 05.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අමුණුගම පාර, 606  පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, …

Read More »

කථානායකවරයා ඉන්දීය විදේශ ඇමතිනිය හමුවේ

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින කථානායක කරූ ජයසූරිය ඇතුලූ දූත පිරිස අද එරට විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවී තිබෙනවා. එහිදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ කථානායකවරයා අතර ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ශ්‍රී ලංකාවේ සමබර රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉදිරියටත් …

Read More »