Friday , January 21 2022
Breaking News
Home / Local News / බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පිරිස පිළිබඳ අනාවරණයක්

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පිරිස පිළිබඳ අනාවරණයක්

බස්නාහිර පළාතේ පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යළි අද (12) දිනයේ ආරම්භ  කරන බව පාසල් සෞඛ්‍ය කාර්යාල ආයතනය භාර නිලධාරි වෛද්‍ය සී.එම් ජයලත් මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙවර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වනදා ආරම්භ වන බැවින් විභාග පැවැත්වෙන පාසල්වල ලබන 05 වනදා දක්වා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවය.

“කොළඹ කලාපයේ පාසල් 140කට ආසන්න ප්‍රමාණයක අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. තර්ස්ටන් විද්‍යාලයෙන් පටන් අරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ, අදියර කිහිපයකින් අවසන් කරන්න. මොකද පෙබරවාරි මාසයේ 7 වෙනිදා පටන් ගන්නවා උසස් පෙළ. උසස් පෙළ දක්වා අද ඉඳලා පටන් ගත්තොත් අපි සෑම දිනකම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පෙබරවාරි 5 වෙනිදා පළමු අදියර අවසන් වෙනවා. එන්නත් වැඩසටහන අවසන් වෙන්නේ නෑ. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන නැති පාසල්වල එන්නත්කරණය දිගටම ක්‍රියාත්මක වෙනවා.”

එන්නත්  පිළිබඳව සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටී ළමුන් එන්නත්කරණයට යොමු කරන ලෙස  ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පවසයි.

“එන්නත් ලබාගැනීම පිළිබඳ විවිධ මිත්‍යා විශ්වාස පැතිරයෑම සමාජ මාධ්‍යවලින් අපිත් දකිනවා. නමුත් වැදගත් දේ වෙන්නේ සමාජ මාධ්‍යවලට වැඩිය ඒ පිළිබඳ විද්වත් දැනුමක් ඇති පිරිස් ඉතා පැහැදිලිව මේ සඳහා උපදෙස් මාලාවක් ලබාදීලා තියෙනවා. එනිසා සමාජ මාධ්‍යවල තියෙන බොරු ප්‍රචාරවලට නොරැවටී තමුන්ගේ ළමුන් යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.”

එමෙන්ම මිත්‍යා මත හේතුවෙන් තරුණ පිරිස් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් වැළකී සිටිමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසයි.

මේ අතර බුස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ එය ලබාගත යුතු බවට අපේක්ෂා කළද මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 20ක පමණ අඩු ප්‍රතිශතයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

“බුස්ටර් මාත්‍රාව තාම ලබාගෙන තියෙන්නේ 20%ක් විතර ආසන්න ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙනවා නවතම ප්‍රභේදයත් එක්ක එය සීඝ්‍රයෙන් පැතිරයෑමත් එක්ක අපි මේ භුක්ති විඳින පුද්ගලික නිදහස මෙන්ම අනෙක් සේවාවන් සියල්ල ඉටුකරගෙන යෑමට නම්, තවදුරටත් පාලනයේ තියා ගන්න ඕනේ. එකක් තමා මුඛ ආවරණය නිසි ලෙස පැලඳීම. දෙවැන්න එන්නත්කරණය කරා යොමුවීම. බුස්ටර් මාත්‍රාව 20%ක් නම් ලබාගෙන තියෙන්නේ, අපි බලාපොරොත්තු වෙනවා 50% – 60% ක් පමණ ලබාගත්තොත් අපිට පාලනයක් තුළ මේ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි.”

උපුටා ගැනීම – අද දෙරණ

20 Views

About slmedia

Check Also

‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා” – ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.  දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා …

One comment

  1. doxycycline online buy – order generic synthroid 75mcg levothyroxine brand

Leave a Reply

Your email address will not be published. Required fields are marked *