Friday , January 21 2022
Breaking News
Home / Local News / මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයි

මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයි

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම වර්ෂය සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් එම උපදෙස් ලබාදී තිබේ.

ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණිය ද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු අතර ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

ඖෂධ ආනයනයේදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළීබඳව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු අතර ඒ සඳහා ඖෂධ පිළිබඳව නිසි අධ්‍යනයකින් ක්‍රියාකළ යුතු බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

රට තුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කරන නමුත් ජනතාව විවිධ සන්නාමයන් යටතේ නිකුත් කරන ඖෂධ සඳහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදුවන බව එහිදී අනාවරණය වී ඇත.

උපුටා ගැනීම – අද දෙරණ

22 Views

About slmedia

Check Also

‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා” – ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.  දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා …

2 comments

  1. order doxycycline 100mg sale – prednisolone for sale online buy synthroid 75mcg pill

  2. doxycycline 200mg drug – cheap synthroid pills levothyroxine price

Leave a Reply

Your email address will not be published. Required fields are marked *