Friday , January 21 2022
Breaking News
Home / 2022 / January / 06

Daily Archives: January 6, 2022

රාජ්‍ය සේවකයින් ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. පසුගිය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන කිරීම සඳහා 2021.12.30 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා 2022.01.03 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ. මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ. …

Read More »

මෙරට සියලු ජනතාවට සහන සැලසීමට කළ යුතු දේ මන්ත්‍රී ඉරාන් කියයි

   රජයේ සේවකයන්ට සහ තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබාදීමෙන් ජීවන වියදම පිළිබද ගැටළුවට විසදුම් ලබාදිය නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා.  එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මෙරට සියලු ජනතාවට සහන සැලසීමට නම් භාණ්ඩ මිල පාලනය කළයුතු බවයි. new cut · ERAN 01 සිය …

Read More »

ඇමති බන්දුල, සතොස ලාභ ලබන ආයතනයක් කරයි

   මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.  ඒ සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලට ද ගෞරවය හිමි විය යුතු බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.  new cut · BANDULA 01     …

Read More »

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

   ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) උදෑසන 8සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.  ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම අත්හිටුවන …

Read More »

වැලිකඩ නඩුවේ තීන්දුව අද

   2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් අට දෙනෙකු වෙඩි තබා  ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.  ඉකුත් දෙසැම්බර් මස 10 වනදා නඩුව කැදවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නඩුවේ තින්දුව අද ප්‍රකාශයට පත් කරන බව නිවේදනය  කළා.  අධිචෝදනා 33 ක් යටතේ …

Read More »

සියලුම සිසුන් පාසල්වලට එකවර කැඳවීම සම්බන්ධයෙන් ගුරු සංගම් අදහස් දක්වයි

   සියලුම සිසුන් පාසල්වලට කැඳවීම සදහා කටයුතු කිරීමේදී වඩාත් ආරක්‍ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා. එහි ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට ගුරුවරුන් සූදානම් බවයි.  soundnews clip · EDU JOSAP 01 මෙම තීරණය හමුවේ කිසියම් ගැටළුවක් මතු වුවහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් …

Read More »

අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර කළා

   පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවලට මුහුණපා සිටින අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.  ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ සහන පැකේජය සඳහා මුදල් සොයාගන්නා ආකාරය හෙළිකළ යුතු බවට විපක්ෂය සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා …

Read More »

හොරකම නතර කළොත් රටේ ණය බරෙන් අඩක් ගෙවිය හැකි බව ජවිපෙ කියයි

   රටේ පවතින දූෂණ සහ අක්‍රමිකතා නතර කරගත හොත් පවතින ණය බරෙන් අඩක් ගෙවාගත හැකි බව ජනතා විමුකිත් පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ හොරකම් සහ වංචා මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිය පාලනයක් යටතේ සිදු කෙරෙන පළමු පියවර වන බවයි. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් …

Read More »