Friday , January 21 2022
Breaking News
Home / 2022 / January / 11

Daily Archives: January 11, 2022

විදුලිය කැපුනොත් අඛණ්ඩ ජල සැපයුමටත් බාධා

   තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු වුවහොත් අඛණ්ඩ ජල සැපයුමටද බාධාවක් විය හැකි බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පැවසුවේ විදුලිය නොමැති වුවහොත් ජලය පොම්ප කිරීමට නොහැකිවන බවයි. soundnews clip · WASU 01 විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා දිය හැක්කේ ඩොලර් ලබා දුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල යළි ප්‍රකාශ …

Read More »

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කළ හේතුව

   පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කළේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අද ප්‍රකාශ කළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. soundnews clip · CABINAT RAMESH 02 පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා …

Read More »

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03ක් රටින් ගෙන්වයි

   මෙරට වෙළෙඳපොළෙහි සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළයමින් පවතින අතරතුර සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 03ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීම සඳහායි. විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට යොජනා කර …

Read More »

ඩොලර් ප්‍රශ්ණයෙන් ඖෂධ ගේන්නත් බලපෑම් වන ලකුණු

   2022 වර්ෂයට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය …

Read More »

ඇමති ගම්මන්පිලගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ …

Read More »

ගෙවන්න යද්දී එපා කියනවා : මහ බැංකු අධිපති

   ජනවාරි මස 22 වෙනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සුදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටිමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා …

Read More »

අද දිනයේ විදුලි කප්පාදුවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි

   අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.  විදුලි බල මණ්ඩලය ඊයේ පැවසුවේ අවශ්‍යතාවක් මතුවුවහොත් පමණක් රාත්‍රී කාලයට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.  ඊට අදාළ කාල සටහනක්ද ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ප්‍රකාශයට පත් කළා.  ඛාණ්ඩ 04කට බෙදා වෙලාවන් 04 ක් යටතේ පැයක කාලයක් විදුලිය විසන්ධි …

Read More »

පෞද්ගලික බස් වර්ජනයක්

   පානදුර සහ මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පෞද්ගලික බස්රථවල සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ සේවකයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.  මෙලෙස සේවකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම සිට කොළඹ කොටුව බලා ධාවනය වන බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන්. උපුටා ගැනීම – නෙත් …

Read More »

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

   අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. 2022 ජනවාරි 10 දිනැති අංක 2187/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල , බුද්ධශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල …

Read More »

ඉදිකිරීම සඳහා වැලි පිටරටින් ගෙන්වීමට රජය සැරසෙයි

   රටට අවශ්‍ය වැලි තොග ඉදිරියේදී විදෙස් රටවලින් ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ රටේ වැලි අවශ්‍යතාව වෙනුවෙන් මුහුදු වැලි යොදා ගත්තද එමඟින්ද රටේ වැලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි. soundnews clip · AMARAWEERA 02 රටට අවශ්‍ය වැලි …

Read More »