Friday , January 21 2022
Breaking News
Home / 2022 / January / 13

Daily Archives: January 13, 2022

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක් අරඹති

දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි. දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ …

Read More »

මෙම මස තුළ ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් – ඇමති ගම්මන්පිල නෙත් අන්ලිමිටඩ්හිදී හෙළි කරයි

   මෙම මාසය තුළ කුමන හෝ අවස්ථාවක ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  soundnews clip · GAMMANPILA 01 ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානම මගහරවා ගැනීම සඳහා සියලු උත්සහයන් දරමින් සිටින බවයි …

Read More »

තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව බෙංගමුවේ සහ ඇල්ලේ හිමිවරුන්ගෙනුත් පෙත්සම්

   ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ අදාළ ගිවිසුම බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරුන් විසින්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය …

Read More »

විදුලිය කැපීමේ සැලසුම තාවකාලිකව හකුලා ගනී

   මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව කලින් සැලසුම් කළ විදුලිය කප්පාදු කිරීමේ සැලසුම අවලංගු කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති නෙත් නිවුස් …

Read More »

සහල් මිල පාලනය නොකිරීම ගැන රජයට චෝදනා

   සහල් මිල පාලනය සඳහා රජය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.  soundnews clip · RANJITH VITHANAGE 01 ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සහල් මිල පාලනයට රජය දැන් …

Read More »

මහජන ඒකරාශිවීම් නිසා කොවිඩ් ව්‍යාප්තියේ අවදානමක්

   අනවශ්‍ය මහජන ඒකරාශීවීම් හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ සීග්‍ර ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.  එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ රට අවදානම් තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා මහජනතාව අනවශ්‍ය ඒකරාශීවීම් වලින් වැළකිය යුතු බවයි. soundnews clip · PHI UPUL 01   උපුටා …

Read More »

රට තුල ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා

   රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් පැවතිය ද එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.  නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශව පවසන ආකාරයේ ඖෂධ හිගයක් මේ …

Read More »

එස් ඇන්ඩ් පී ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහත දැමීම ගැන මහ බැංකුවේ කණස්සල්ල

   ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් තවදුරටත් පහළ දැමීම පිළිගත නොහැකි තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම CCC ප්ලස් තත්ත්වයේ සිට CCC මට්ටම දක්වා පහත හෙලීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ …

Read More »

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩවර්ජනයක

   දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, දුර ගමන් සේවාවල කලින් ආසන වෙන්කල දුම්රියන් නොදන්වා අවලංගු කිරීම අතුළු කරුණු කිහිපයක් මුල්කර ගෙනයි.  මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12 …

Read More »