Friday , January 21 2022
Breaking News

Recent Posts

ආසාදිතයින් යළි වැඩිවෙයි – තවත් කොවිඩ් රැල්ලක අවදානමක් ගැන රතුඑළි

   ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මෙරට තුළ පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී පමණ දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමට හේතු වනු ඇති …

Read More »

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

   බොරැල්ල දේවස්ථානයකට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.  මීට පෙර ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුවයි සැකකාර විශ්‍රාමික …

Read More »

ලබා ගන්නා ණය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඇතිවිය හැකි තත්ත්වය

   රජය ලබාගන්නා ණය මුදල් සැලසුම් සහගතව යොදා නොගතහොත් රට තවත් ආර්ථික පරිහානියකට ලක්විය හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් කළමණාකාර ලක්විජය බණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින්. soundnews clip · UNLIMITED BANDARA 01 පවතින තත්ත්වය …

Read More »

වාහන ආනයනය කිරීමේදී මුල්තැන දෙන වාහන කාණ්ඩය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

   ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට මුලික තැනක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.  විදුලිබලයෙන් ක්‍රියා කරනු ලබන වාහන ධාවනය කිරීමට අවශ්‍ය විදුලිය සපයා ගැනීම පුන්ර්ජනනිය බලශක්තියෙන් උපදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. මාසිකව ඉන්ධන ආනයනය කිරීමට …

Read More »

එන්නත් ලබා ගැනීමට යායුතු තැන්

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න උපුටා ගැනීම – අද දෙරණ 15 ViewsShare on: WhatsApp

Read More »

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. …

Read More »

අදට සපිරෙන ස්වෛරී බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ඊට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර ඇති බවය. අද දිනයේ අදාළ ගෙවීම සිදුකරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. “අපි මහ …

Read More »

ජනපති පාර්ලිමේන්තුව ට එයි

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේ ය. ජනාධිපතිවරයා අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ මුලසුන හොබවමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. උපුටා ගැනීම – අද දෙරණ News 13 ViewsShare on: WhatsApp

Read More »

අඛණ්ඩ විදුලි සැපයුමකට ඉන්ධන සෙවීම තවමත් අර්බුදයක

   මෙරට අඛණ්ඩ විදුලි නිෂ්පාදනය තවදුරටත් පවතින්නේ දැඩි අර්බුදයකයි. ඒ, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තවදුරටත් ලබාදිය නොහැකි බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කිරීමත් සමගයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ විදුලි උත්පාදනයට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බවයි. ඒ …

Read More »

දීර්ඝ නිවාඩුවෙන් මෙරට කොවිඩ් අවදානම ඉහළ නගී

   දින 4 ක දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් ගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වෛරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.  ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ පිරිස් නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එකිනෙකාට ඉතා සමීපව කටයුතු කිරීම අවදානම් බවයි. මෙවන් …

Read More »

අර්බුද මැද විදුලි ඉංජිනේරුවරු ලෙඩ වෙති

   අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමට විරෝධය දක්වමින්.  විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා අමෙරිකානු සමාගමක් සමඟ අත්සන් කළ ගිවිසුමට ශ්‍රී …

Read More »

කටුනායක අධිවේගී මාර්ගයේ වටිනා ගස් 10ක් කපා දැමු අයකැමිවරයා බේරා ගන්න දැඩි උත්සහයක්

   කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව කාර්යාලයේ වටිනා ගස් 10ක් කපා විකුණා දැමීම පිළිබද චෝදනා ලැබූ අයකැමි අධිකාරිවරයෙකු බේරා ගැනීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.  විනය පරීක්ෂණයකට භාජනයවීම මත ඔහුගේ ශ්‍රේණි උසස්වීමක් ලබාදීම අත්හිටුවා ඇතත් එය වහාම ලබාදෙන ලෙස අධිවේගී …

Read More »

රටම කතා කළ ඩොලර් මිලියන 500 ක ණය අද ගෙවයි

   ශ්‍රී ලංකා රජය අද අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට නියමිතයි. මෙලෙස ගෙවනු ලබන්නේ 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලයි. මෙම ණය ගෙවා ගැනීම සදහා ශ්‍රී ලංකාව සූදානම් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ. soundnews clip · KABRAL – 01 …

Read More »

දෛනික ඉන්ධන පරිභෝජනයත් ඉහළට

   මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ඩීසල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. විදුලි උත්පාදනයට, කර්මාන්ත සඳහා සහ රථවාහන සඳහා එම ඩිසල් යොදාගෙන ඇතැයි සඳහන්. ඒ අනුව දෛනික ඩීසල් …

Read More »

අදත් තැනින් තැන වැසි

   උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. …

Read More »